ගැරඬිඇල්ල අනතුරට එරෙහිව ගමනාගමන මණ්ඩලයට හා මාර්ග සංවර්ධන අධිකාරියට නඩු පැවරීමට නිර්දේශ කෙරේ
ගැරඬිඇල්ල අනතුරට එරෙහිව ගමනාගමන මණ්ඩලයට හා මාර්ග සංවර්ධන අධිකාරියට නඩු පැවරීමට නිර්දේශ කෙරේ
ගැරඩි ඇල්ල අනතුරට හේතු වී ඇත්තේ අධික තෙහෙට්ටුව මත රියදුරුට ඇති වූ නිදිමත ස්වභාවය බව අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපිත් රෝහණ පවසනවා.
කෙසේ නමුත් මෙහිදී අනතුර සම්බන්ධයෙන් කිසිඳු වග කීමක් එම රියදුරුට පැවරීමක් සිදු නොකරන බවයි අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.
අනතුරට හේතුව සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමක් විසින් සිදුකළ පරීක්ෂාවේදී අදාළ බස් රථයේ කිසිඳු දෝෂයක් නොතිබූ බවට සඳහන් කර තිඛෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී රියදුරු විසින් කිසිදු මත්ද්‍රව්‍යයක් භාවිතා කර නොතිබුණු බවටත්, ඔහුට හෘදයාබාධයක් වැළඳී නොතිබූ බවටත් රිය දුරුගේ මරණ පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කර ඇති බවත් ඔහු සඳහන් කළා.
රාත්‍රී 10.00 ට කතරගම ඩිපෝවෙන් පිටත්වන බස් රථයේ දිනක සම්පූර්ණ ගමන් කාලය පැය නවය පමණ වන විට අතර, බස් රථයේ කොන්දොස්තරගේ සහ රියදුරුගේ දිනක සේවා කාලය පැය දහතුන හමාරක් පමණ වන බවට ඒ අනුව වූ බවත්, ඒ අනුව අනතුරට හේතුවක් ලෙස එය රියදුරට වූ තෙහෙට්ටුව නින්ද යාම නිසා ජ්)
මාර්ගයේ ගමන් කිරීම සඳහා නීතියේ ආකාරයෙන් ගමනාගමනය සඳහා සභාවෙන් නිසි අවසරයක් නොලැබීම එම නිසා මෙම අනතුර සම්බන්ධයෙන් බස් රථයේ හිමිකාරීත්වය දරන ජාතික ගමනාගමන මණ්ඩලයට එරෙහිව නඩු ලබා දීමට සිය වාර්තාව නිර්දේශ කර ඇති බව ජ්‍නිපොලිස්පති අපිත්‍රෝහණ පවසා ඇත සිටියා.
එසේම, අනතුර සිදු වූ ස්ථානයේ මාර්ගයේ යකඩ වැට, කොන්ක්‍රීට් කඳු නොමැතිවීම සහ මාර්ග ආලෝකකරණය නොමැති වීම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියට නඩු පැවරීමට නිර්දේශ කරන බව ඔහු දැනටමත් සඳහන් කර තිබිය යුතුය.read more..Click
Comments
Post a Comment