පුනර්ජනනීය බලශක්තියෙන් ලංවිම ලොකු පිම්මක් පනියි

 

පුනර්ජනනීය බලශක්තියෙන් ලංවිම ලොකු පිම්මක් පනියි


2025 ජූනි මස වනවිට ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ජනනයෙන් 70% ප්‍රතිශතක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගෙන ඇති බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇත.

1990 දශකයේ මුල් භාගයෙන් පසු පළමුවරට මෙලෙස ලංකා විදුලිබල මණ්ඩලය එහි සම්පූර්ණ විදුලිබල ජනනයෙන් 70%ක් මෙම මාසය වනවිට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් සපුරා ගෙන ඇත. 

අනෙකුත් මාසවලට වඩා ඉහළ ඉල්ලුමක් මෙම මාසයේ පෙන්වා ඇති තත්ත්වයක් යටතේ මෙය සම්පූර්ණ කරගෙන තිබීම සුවිශේෂිය.

මෙරට විදුලිබල සැපයුම 100% ක්ම පාහේ ජල විදුලිය මත පදනම් වූ මුල් කාලීන ප්‍රතිපත්තියෙන් සහ ඉන්පසු කාලයේ අනුගමනය ජල විදුලි-තාප විදුලි මිශ්‍ර ප්‍රතිපත්තියෙන් අපගමනයවීමක් පෙන්වන බවද විදුලිබල මණ්ඩලය පවසයි.

එය ශ්‍රී ලාංකීය විදුලිබල පද්ධතියේ පුනර්ජනනීය පංගුව වැඩි කිරීමට ලංවිම ගෙනයන ස්ථිරසාර වැඩපිළිවෙලේ සාර්ථකත්වය පිළිබිඹු කරන බවද එහි සඳහන් වේ.


Comments

Popular posts from this blog

බදුල්ලේ සහෝදරයින්ගේ ගැටුම ගැන වෛද්‍ය රාජපක්ෂ කළ හෙළිදරව්ව. සම්පුර්ණ වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න

අද දින ( 2025/06/08 ) මීට සුලු මොහොතකට පෙර පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ  බාලඇල්ල වැවේ දියනෑමට ගිය සිව්දෙනෙකු මරුට

බිරියගේ හිස අරං ආ සැමියා පොලිසියට කී කතාව