කේරළ ගංජා කිලෝ 900 ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
කේරළ ගංජා කිලෝ 900 ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
වෙන්නප්පුවේදී රුපියල් මිලියන 202 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට ලැබුණු බුද්ධි තොරතුරු මත පදනම්ව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව වෙන්නප්පුව බෝලවත්ත ප්‍රදේශයේ සිදු කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන්ගෙන් කේරළ ගංජා කිලෝග්‍රෑම් 900 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් විදේශීය නිෂ්පාදිත පිස්තෝල දෙකක්, මැගසින් හතරක්, ජීව පතොරම් 40 ක්, කැබ් රථයක් සහ මෝටර් රථයක් අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 44 ත් 51 ත් අතර වයස්වල පසුවන අනුරාධපුර උළුක්කුලම, පොතනේගම සහ නොච්චියාගම ප්‍රදේශවල පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.
Comments
Post a Comment